Press "Enter" to skip to content

මවක් සිය දියණිය සමග ළිඳට පැන සියදිවි හානි කරගනී

වව්නියාව, පරනට්කල් ප්‍රදේශයේ දී කාන්තාවක්, ඇයගේ දියණිය සමග ළිඳට පැන සියදිවි හානි කරගෙන තිබේ.

පසුගිය 27 වනදා සිට ඔවුන් අතුරුදන්ව ඇති බවට ඕමන්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසියක දී එම කාන්තාවගේ සහ දියණියගේ මළ සිරුරු ප්‍රදේශයේ ළිඳක තිබී සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ තුන් හැවිරිදි දියණියක් සහ 42 හැවිරිදි කාන්තාවකි.

මිය යාමට පෙර අදාළ කාන්තාව විසින් සියදිවි හානි කර ගන්නා බවට ලියන ලද ලිපියක් ද ඇයගේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

More from GossipMore posts in Gossip »