Press "Enter" to skip to content

තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවියක පළ කර මුදල් ඉපැයූ මෘදුකාංග ඉංජිනේරුවා

විවාහ වීමට නියමිතව සිටි තම පෙම්වතිය වන සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාල ලිංගික වෙබ් අඩවියක පළ කර මුදල් ඉපැයූ බවට සැක පිට ඊයේ (25) අත්අඩංගුවට ගත් ඇගේ මස්සිනා බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයෙකු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 4 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් සමන් පරණ ලියනගේ මහතා නියෝග කළා’

ඔහු ප්‍රශ්න කිරීම සඳහා සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවේ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසිනුයි’

මෙම තැනැත්තා 22 හැවිරිදි එම තරුණියගේ නිරුවත් දර්ශන සංස්කරණය කර හා නොකර අදාළ වෙබ් අඩවියේ අවස්ථා කිහිපයකදී පළ කර තිබෙන අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කර තිබෙනවා’

පසුව ඒ පිළිබඳව මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය තාක්ෂණික වාර්තාවක් කැඳවා විමර්ශන සිදු කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැකකරු පොලිසිය වෙත කැඳවා තිබෙනවා’

එම ක්‍රියාව සිදු කර ඇත්තේ තමා විවාහ ගැනීමට නියමිතව සිටි මස්සිනා විසින් බව එම තරුණිය දැනගෙන ඇත්තේද පොලිසිය පෙරේදා ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි’

ඔහු ඉතාමත් සූක්ෂම ආකාරයට එම රූප රාමු සංස්කරණය කර පළ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ’

එමඟින් ඔහුට මුදල් ලැබී ඇති බවට සැක කෙරෙන අතර ඒ බව තහවුරු කර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් මත බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා’

මාතර ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය ධනවත් පවුලක තැනැත්තියක වන අතර 28 හැවිරිදි සැකකරු කොළඹ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්’

උපුටා ගැනීම ”‍ලංකාදීප”‍ පුවත්පතෙන්’

More from GossipMore posts in Gossip »