Press "Enter" to skip to content

බෝකුන්දර PHIලාගෙන් හදිසි පූස් මෙහෙයුමක්

කොරෝනා ආසාදිත නිවැසියන් රෝහල්ගත වීමෙන් දින තුනක් නිරාහාරව හුදෙකලා වී නිවස තුළ කෑගසමින් සිටි පූසෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හා පොලිසිය මැදිහත් වී නිවසින් එළියට ගෙන ඇති පුවතක් පිළියන්දලින් වාර්තා වේ.

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ නිවසක පදිංචි එකම පවුලේ සිවුදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා පසුගිය 20 වැනිදා රෝහල්ගත කර තිබිණි.

මේ හේතුවෙන් නිවැසියන් හුරතලයට හදාවඩා ගත් පූසෙකු නිවසේ හුදෙකලා වී තිබිණි.

නිවසේ තනිව සිටින සුරතලාට ආහාරපාන ලබාදෙන ලෙස නිවැසියන් දින තුනකට පසු දුරකථනයෙන් බෝකුන්දර කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කොට තිබේ.

බෝකුන්දරමහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙන දැනුම් දී ඇති අතර ඔහු විසින් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කර මහජන පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් අදාල නිවසට ගොස් ඇත.

ඒ යන විටත් පුසා නිවස තුළ නිරාහාරව විලාප නඟමින් සිටි බවත්, ඒ බව ඇසීමෙන් යාබද නිවසක තවත් මිතුරු පූසෙකු නිවසේ උඩුමහලේ රැුඳී සිටිනු දක්නට ලැබී ඇත.

පසුව පොලිස් නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැයක පමණ කාලයක් මහත් පරිශ‍්‍රමයක් දරා පූසා නිවසෙන් එළියට ගත් අතර, එලෙස එළියට පැමිණි පූසා සැණෙකින් උඩුමහලේ රැුඳී සිටි මිතුරු පූසා ළඟට දිවගොස් විලාප නඟමින් දැවටෙමින් රැුඳී සිටිනු අයුරු එම නිලධාරීන්ට දැකගත හැකි වී තිබේ.

පසුව එම නිලධාරීන් අසරණ වී සිටින සත්වයින්ට නිවැසියන් පැමිණෙන තෙක් ආහාරපාන ලබාදෙන ලෙසට අසල්වැසි නිවැසියන්ට උපදෙස් ලබාදී නිවසින් පිට වී ගොස් තිබේ.

More from GossipMore posts in Gossip »