
කොවිඩ් -19 වසංගතය හමුවේ නවත්වා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ආරම්භ වෙයි.
අද පස්වරු 1.30 පමණ යුක්රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙක් මත්තල
ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම් උප සභාපති රජීව් සුරියආරච්චි මහතා පවසයි
“මෙම සංචාරකයින් පිරිස ගුවන්තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව සියලූම නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් ඒ කටයුතු සිදුවෙන අතර ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය ඒ අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් සිටින බව එතුමා පවසයි







Be First to Comment