Press "Enter" to skip to content

ධම්මිකගේ පැණිය බිව් අයෙකුටත් කොරෝනා

වරකාපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් 12 දෙනෙකු හඳුනා ගෙන ඇති බවත්, ඉන් ඵක් අයකු උඩුකුඹුර ඔත්නාපිටිය පදිංචි අයකු වන අතර ඔහු කෑගල්ලේ පැණිය පානය කළ අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර පවසනවා.

මෙම රෝගීන් අතරින් තුල්හිරිය ඇගලූම් ආයතනයක තිදෙනකුද, තල්ලියද්දේ දෙදෙනකුද, නිවටුව එක් අයකුද, දුම්මලදෙණියේ එක් අයකුද, වේරගල දෙදෙනකුද, ඔත්නාපිටියේ තිදෙනකුද වන බවත්, ඔත්නාපිටියේ එක් අයකු කෑගල්ලේ පැණිය පානය කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කර සිටිනවා.

මොවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත්, පවුල්වල සෙසු පිරිස් නිරෝධායන කටයුතු සදහා යොදවා ඇති බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර වැඩිදුරටත් පැවසුවේ.

(දිවයින)

More from GossipMore posts in Gossip »