Press "Enter" to skip to content

කොවිඩ් අධි අවදානම් කලාප 47ක් – වසංගත රෝග විද්‍යා අංශය

ජනතාවගේ නොසැලකිල්ල නිසා කොවිඩ් අධි අවදානම් කලාප 47ක් නිර්මාණය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බල ප්‍රදේශයත් ඊට අමතරව ප්‍රදේශ 19ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශ 15ක් හා කළුතර දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශ 12ක් ද නිර්මාණය වී ඇකි බව එම අංශය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අමතරව බත්තරමුල්ල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන, ගොතටුව, හංවැල්ල, හෝමාගම,කඩුවෙල, කහතුඩුව, කැස්බෑව, පාදුක්ක, පිළියන්දල, පිටකෝට්ටෙ හා රත්මලාන අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, දොම්පෙ, ගම්පහ, ජා ඇළ, කටාන, කැලණිය, මහර, මිනුවන්ගොඩ, මීරිගම, මීගමුව. රාගම හා වත්තල ප්‍රදේශ අයත් බවද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

More from GossipMore posts in Gossip »