Press "Enter" to skip to content

පානදුර ඇඟළුම් කර්මාන්තශාලාවකින් කොවිඩ් ආසාදිතයන් 80ක් හමු වෙයි

පානදුර – හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් 80 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

එම කර්මාන්තශාලාවේ කාන්තාවකට පැවති උණ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් පසු ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ අනෙකුත් සේවකයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් පසුව මෙම ආසාදිතයින් 80දෙනා හඳුනා ගෙන ඇත.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ එම කර්මාන්තශාලාව වසා දමා තිබෙන බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ගිරිඋල්ල ප්‍රදේශයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

More from GossipMore posts in Gossip »