බස්නාහිර පළාතෙන් පිටවීමට පැමිණි පුද්ගලයන් 10 දෙනකුට කොරෝනා ආසාදිත යයි සිදුකරන ලද හදිසි ප්‍රතිදේහ පරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ 17 18 19 දින තුන තුළ සිදු කරන ලද පරීක්ෂණ 1,300කින් මෙම පිරිස හඳුනාගත් බවයි.
වාහනවලින් ගමන් කරමින් සිටියදී නවතා සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාතෙන් පිට පළාතකට යන වාහන වල ගමන් කරන පුද්ගලයන් හදිසි ප්‍රතිදේහ පරීක්ෂණ ලක්කරමින් සිටින බවත් ඊට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.






