Press "Enter" to skip to content

මේ සතිය අතිශය තීරණාත්මකයි – වසංගත රෝග ප්‍රධානී

කොරෝනා වෛරසය ඉතා වේගයෙන් පැතිර යන තත්වයක් තුළ මේ සතිය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක කාලයක් වනු ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි සහ අනෙකුත් උත්සව අවස්ථාවන්වලින් කොරෝනා වෛරසය පැතිර යාමේ වැඩි ඉඩකඩක් ඇතැයි පවසන වෛද්‍ය සමරවීර මෙය පාලනය කර ගැනීමට උත්සව සමයේ හැකි තාක් සංචරණය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සති අන්තයේදී කොළඹ නගරයෙන් පිටට යන පුද්ගලයන්ට අහඹු ඇන්ටිජෙන් පරික්ෂණ කිරීමට කටයුතු යොදා ඇතැයි ඔහු වැඩි දුරටත් පවසයි.

More from GossipMore posts in Gossip »