Press "Enter" to skip to content

කළුතර කොවිඩ් අවදානම ශීඝ්‍ර ලෙස ඉහළට – ඊයෙත් ආසාදිතයින් 164ක්

කළුතර දිස්ත්‍රික්යේ කොවිඩ් අවදානම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 662ක් වාර්තා වී ඇති අතර ඉන් 164 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්යේ ගර්භනී අම්මලා විතරක් 55ක් පොසිටිව් වී ඇති අතර ඉන් 45ක් ම අටුලුගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

බණ්ඩාරගම ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 741ක් වාර්තා වී ඇති අතර ඉන් 604ක් ම අටුලුගමින් වාර්තා වී ඇත.

පීසීආර් පරීක්ෂණ දෛනිකව වැඩි කිරීමත් සමග රෝගීන් ගණන ද වැඩිවෙමින් පවතින බව සඳහන් කර සිටි වෛද්‍යවරයා, වැඩි දියුණූ කළ හැකි තත්ත්වයන් පවතින රෝහල්වල පීසීආර් පරීක්ෂණ රසායනාගාර කඩිනමින් ඇති කළ යුතු බව ද පැවසීය.