Press "Enter" to skip to content

කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් සිව් දෙනෙකු බිහි කරයි

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි මවක කොළඹ ‘ද සොයිසා’ කාන්තා රෝහලේදී නිවුන් දරුවන් සිව් දෙනෙකු බිහි කර තිබේ.

සිසේරියන් සැත්කමක් මගින් ඇය අද (17) දිනයේ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහි කර ඇති අතර දරුවන් සිව් දෙනා ම නිරෝගීව පසුවන බව ‘ද සොයිසා’ කාන්තා රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය මහත්මිය පැවසුවාය.

ඇය මරදාන, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන අතර සති දෙකකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා ‘ද සොයිසා’ රෝහලට ඇතුළත් වී තිබිණි.

එහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ඇයට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

More from GossipMore posts in Gossip »