කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් බවයි මෙම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
පසුගිය නොවැම්බර් මස 1 වන දා සිට මේ දක්වා එම රෝහලේ වාට්ටු තුළ සහ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අයගේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 580 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ජාතික රෝහලේ වැටුප් අංශයේ නිලධාරිනියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනා ගැනීමත් සමඟ එම කාර්යාලය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනා.






