පිටසක්වල ජීවීන් යනු සැබෑවක් බවත් ඇමෙරිකානු ජනාධිපතිවරුන් පවා මේ ගැන දන්නා බවත් ඊශ්‍රායල අභ්‍යවකාශ ඒජන්සි හිටපු ප්‍රධානියා සඳහන් කරයි.
ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ද හිටපු සියලු ජනාධිපතිවරුන් මේ ගැන දන්නා බවයි.
නමුත් මෙම රහස ලෝකයෙන් වසන් කරන්නේ එය එම සත්‍ය හෙළි වුවහොත් මනුෂ්‍ය වර්ගයා කලබලයට පත් වේවි යන සිතුවිල්ල නිසා බවද ඔහු පැහැදිලි කර ඇත.






