Press "Enter" to skip to content

විදේශයන්හි සිට පැමිණි 69කට කොරෝනා

විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 69 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී ඊයේ (10) තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (10) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.