මීගමුව, සන්ත ජෝසෆ් වීදියේ, තිල්ලන්දූව පල්ලිය අසල වැටී සිටි රෝගියෙකු රෝහල්ගත කිරීමට මීගමුව මහ නගර සභාවේ ගිලන් රථයේ කාර්යමණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ හේතුවෙන් එම රෝගියා පැයකට අධික කාලයක් දැඩි අවුවේ මහමග තබා තිබෙනු දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළේය.
ඊයේ (9) පෙරවරු 9.30 ට පමණ මෙම පුද්ගලයා රෝගාතුරවී මහමග ඇද වැටී ඇති අතර පෙරවරු 10.15 පමණ මාධ්‍යවේදීන් එම ස්ථානයට යනවිටත් මීගමුව මහනගර සභාවේ ගිනි නිවීම් සහ ගලවා ගැනීමේ දෙපාර්තමේන්තුවේ ගිලන් රථය සහ තවත් කැබ් රථයක් එම ස්ථානයේ නතකර තිබුණු බව අප වාර්තාකරු සඳහන් කළේය.
ප්‍රමාද කිරීමෙන් රෝගියාගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් එම රෝගියා රෝහල් ගතකිරීමට කටයුතු නොකිරීම ගැන මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී පුද්ගල ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සපයා නොමැති නිසා තමන්ට මෙවැනි රෝගීන් ප්‍රවාහනය කළ නොහැකි බව ගිලන් රථයේ කාර්ය මණ්ඩලය පවසා තිබේ.
ඒ අනුව, එම කාර්ය මණ්ඩලය මේ පිළිබඳව පොලිසියට දැනුම්දී ඇත.






