Press "Enter" to skip to content

ගල්කිස්සේදී පකිස්ථාන ජාතික තරුණියක දූෂණය කළ දෙදෙනෙකු රිමාන්ඩ්

18 හැවිරිදි පකිස්ථාන ජාතික සරණාගත තරුණියක දූෂණය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු පකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය.

ඊයේ (7) දින සැකකාර පකිස්ථාන ජාතිකයින් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ සරණාගත කඳවුරක පදිංචි මෙම 18 හැවිරිදි පකිස්ථාන ජාතික තරුණිය සිටි නිවසට පැමිණ ඇත.

පසුව එක් සැකකරුවෙකු ඇයව බලහත්කාරයෙන් අල්ලාගෙන සිටියදී අනෙක් සැකකරු විසින් තරුණිය දුෂණය කරනු ලැබ ඇතැයි ගල්කිස්ස පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

දූෂණයට ලක් වූ තරුණිය හා සැකකරුවන් දෙදෙනා පකිස්ථාන ජාතිකයින් වන හෙයින් ඔවුන්ගේ මව් භාෂාව වන උර්දු භාෂාව පිළිබඳ මනා දැනුමක් ඇති භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබාගෙන තරුණියගේ හා සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ ලබා ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා තරුණියගේ පියාගේ යහළුවන් බව වාර්තා වේ.

තරුණිය මේ වන විට කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධව පකිස්ථාන තානාපති කාර්යාලයට දැනුම් දී වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.

More from GossipMore posts in Gossip »