Press "Enter" to skip to content

අකුරණ ආසාදිත සංඛ්‍යාව 108ක් දක්වා ඉහළට

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද 08 අලුතින් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිකයින්ගේ සංඛ්‍යාව 108 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ග්‍රාම නිලධාරි වසම් දෙකක් මේ වන විටත් හුදකලා කරනු ලැබ ඇති අතර එම වසම දෙක තවදුරටත් හුදකලා කර ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.

More from GossipMore posts in Gossip »