නත්තල් හා අළුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් සාප්පු සවාරිවල යෙදීම අවධානම් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
හඳුනා නොගත් කොවිඩ් ආසාදිතයින් සමාජය තුල සිටිය හැකි බැවින් මහජනතාව මෙවර උත්සව සමය ඉලක්ක කර ගනිමින් සාප්පු සවාරියේ යෙදීමේ දී වෛරසයට නිරාවරණය වීමේ අවධානමක් පවතින බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ.






