දිවුලපිටිය ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 38 දෙනෙකු හඳුනාගෙන ඇති බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
එම ප්‍රදේශයේ පුගලයන්ගේ පසුගිය 28 වන දා සිදු කර ඇති අහඹු පී.සී.ආර්. පරීක්ෂණ අනුව මෙලෙස කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, ඔවුන්ගේ ආශ්‍රිතයන් 35 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ එම ආසාදිතයන්ගෙන් 15 දෙනෙකුට වෛරසය ආසාදනය වුණු ආකාරය සොයාගෙන ඇති බවත් සෙසු 20 දෙනාට වෛරසය ආසාදනය වුණු ආකාරය අපැහැදිලි බවය.






