මුළු රටම ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බැවින් සියළු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම අනිවාර්ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ අනුව ගත වූ පැය 24ක කාළය තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කල පුද්ගලයින් තිස්දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රිකයේ පිටකොටුව පොලිස්බල ප්‍රදේශය හුදෙකළා බවින් නිදහස් කෙරුණද මැනිං වෙළෙදපොල , 4වන සහ 5වන වීදියේ තොග වෙළදසැල් විවෘත කිරීමට තවමත් අවසර හිමිවන්නේ නැත.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සහ ඒ අවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් ඇතැම් පිරිස කටයුතු කරන අයුරු මෙලෙස දක්නට ලැබුණි.
මේ අතර මීටරෙන් ජීවීතේ දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අදත් දියත් කෙරුණු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
(srilankamirror.com)






