ඕමානයේ සිට මෙරටට පැමිනි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් යාපනය පලෙයි ප්‍රදේශයේදී රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයෙන් ඉවතට පැන ජල සැපපුම් නළයක ගැටීමෙන් අද (27) උදෑසන 9.45 ට පමණ රිය අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරෙන් එම බස් රථයේ ගමන් කල පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.






