Press "Enter" to skip to content

හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ අයෙකුට කොරෝනා

හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත බවට පී.සී.ආර්.පරීක්‍ෂණ මගින් තහවුරුවීමෙන් පසුව එම අධ්‍යාපන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට (26) දින පියවර ගත් බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන ආසාදිත පුද්ගලයා කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීට දින කිහිපයකට පෙර ඔහු හිඟුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලයට සේවය සඳහා පැමිණ ඇති බවද, කොළඹ මාකොළ ප‍්‍රදේශයේ පිහිටි සිය නිවෙසට ගොස් සිටියදී එහිදී සිදුකල පී.සී.ආර්.පරීක්‍ෂණයෙකින් කොරෝනා වයිරසය ආසාදිතවී තිබෙන බව තහවුරුවී ඇති බවත් වෛද්‍ය කුමාරවංශ මහතා වැඩිදුරටත් කීය.

More from GossipMore posts in Gossip »