Press "Enter" to skip to content

එකම පවුලේ ළමුන් දෙදෙනකු දියේ ගිලී මරුට

හික්කඩුව තොටගමුව පාලම අසළ, කලපුවේ දිය නෑමට ගොස් කුඩා පිරිමි සහ ගැහැණු දරුවෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ තොටගමුව වැරැල්ලාන රිදීගම පදිංචි අට හැවිරිදි කේ.සසිදු සිතුමිණ හා සත් හැවිරිදි ඒ.රිද්මි විහංගා නමැති දරුවන් දෙදෙනා බව මීටියාගොඩ පොලීසිය පවසයි.

දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ මේ දරු දෙදෙනා එකම නිවසක වෙසෙන එකම පවුලක සහෝදරියන් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනෙකු වන අතර ඥාතීන් පිරිසක් සමග දිය නාමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනා දියේ ගසා ගෙන ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

දියේ ගසා ගෙන ගිය මේ දරු දෙදෙනා වැඩිහිටියන් පිරිසක් විසින් බේරාගෙන බලපිටිය රෝහලට රැගෙන යමින් සිටියදි දෙදෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බවද පොලීසිය කියයි.

මීටියාගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »