Press "Enter" to skip to content

මහනුවර පාසැල් 56ක් වසා දැමේ

මහනුවර නගර සීමාවේ සියලුම පාසැල් දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් දරුවන් පාසැල් එවීම සුදුසු නොවන බවට දිගින් දිගටම දෙමව්පියන්, පාසැල් කමිටු විසින් සිදුකළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව මහනුවර නගර සිමාවේ පාසැල් 56ක් අද සිට වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදී තිබෙනවා.