Press "Enter" to skip to content

වැකඩ මහා විද්‍යාලය දින 04කට වසා දමයි

කුරුණෑගල ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයකුගේ ආශ‍්‍රිතයෙකු වූ අලව්ව ප‍්‍රදේශයේ පදිංචි ගුරු මහතෙකුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු ඔහු සේවය කරන වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් වෑකඩ මහා විද්‍යාලය අද 24 සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට එම විද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුව තීරනය කර ඇති බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.

පී සී ආර් පරීක්ෂණ සිදුකල මෙම ගුරු මහතා ඊයේ 23 පාසල් ආරම්භවූ දින එම විද්‍යාලයට පැමිණිම නිසා පාසල් සංවර්ධන කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවද එම කාර්යාලය පවසයි.