Press "Enter" to skip to content

ලංගම බසයක ගොස් කොවිඩ් වැළදුනොත් ආසාදිතයට වන්දි මුදලක්

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට එම මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම මගියෙකුගෙන්ම අයකරනා බස් ගාස්තුවෙන් රුපියලක් මගී අරමුදලට වෙන් කරන බවයි එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක සඳහන් කළේ.

යම් හෙයකින් ලංගම බස් රථයක ගමන් කිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයෙකු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට මෙම වැඩපිළිවෙල යටතේ සැළසුම් කර තිබෙනවා.