කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට පනහක් ම නිවෙස් තුළ මිය යෑමට හේතුව කුමක්දැයි යන්න තාමත් නිශ්චිතව කිව නොහැකි බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මෙලෙස වෛරසය ආසාදිතව නිවාස තුළ ම පිරිස් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීම් මේ වන විට ආරම්භ කර ඇතැයි ද ඒ මහතා කීය.
කොරෝනාවෛරසය ආසාදිත මෙරට මියගිය පුද්ගලයන්ගේ ගණන ඊයේ (23දා) රාත්‍රී වන විට අනූ දෙනෙක් ලෙස වාර්තා වී තිබූ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ වාර්තා පිරික්සීමේදී මියගිය පිරිසෙන් අඩකටත් වඩා නිවාසවල සිටියදී මියගොස් ඇතැයි නිරීක්ෂණය විය.






