Press "Enter" to skip to content

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා දෙවැනි රැල්ල පාලනය ගිලිහී ගියා

කොළඹ නාගරික බල ප්‍රදේශය අද වන විට කොරෝනා වසංගත උවදුර විසින් ගිල ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා දෙවැනි රැල්ල පහසුවෙන් පාලනය කරගත හැකිව තිබූ අවස්ථාව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ගිලිහී ගිය බව එම සංගමය පෙන්වා දෙයි.

දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානම පසුගිය මාර්තු මාසයේදී තම සංගමය විසින් පෙන්වා දුන්න ද වසංගත රෝග විද්‍යා ඒකකය ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා කොළඹ නගරය තුළ භයානක තත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයට පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් දහයකට ආසන්න පිරිසක් අනුයුක්ත කර සිටියදී එම ඒකකයේ ප්‍රධානියා ඉන් වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් කොරෝනා මර්ධන කටයුතු සඳහා යොදා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.

(aruna.lk)

More from GossipMore posts in Gossip »