තමාගේ කාරයේ නියම ආරක්ෂාව පිළිබදව සෑම රියැදුරෙකුම වාගේ සැලකිල්ලක් නො දක්වයි.ඔබ වැඩි අවධානයක් යොමු කළ හොත් මෙම සරල පුරුදු අනුගමනය කිරීම තුළින් ඔබේ කාරයේ සිදු විය හැකි ආපදාවන් ගෙන් බේරා ගත හැකි වන අතර , විශාල වියදමක් ද වළක්වා ගැනීමට ඉඩ සැලසේ.පහත සදහන් කරුණු ඒ සදහා ඔබට මග පෙන්වා දෙනු ඇත .
1) ක්ලචය මත වැඩි බරක් නොයොදන්න. – අත් හුරු ක්රමය ( manual ) සහිත වාහන පදවන රියැදුරන් අතර මේ පොදු ප්රමාද දෝෂ ය දක්නට ලැබේ.දිගු කාලයක් දැල්වී තිබෙන විදුලි සංඥා ඉදිරියේ සිටින විට ක්ලචයට බර දී ගෙන ඉන්න එපා.නවතා ගෙන සිටින වාහනයේ යාන්ත්රික ක්රියා කාරිත්වය ට එයින් හානි සිදු විය හැකිය.කෙට් නැවතුම් වලදි වාහනය උදාසීන ( neutral ) කර පිටත්වීමට ආසන්න වන විට පමණක් ක්ලචය තද කරන්න .

2) වාහනයේ කළ යුතු පරීක්ෂණ කටයුතු හා අළුත් වැඩියාවන් අමතක නොකරන්න. – කලට වේලාවට කළ යුතු නඩත්තු කිරීම් පිළිබදව රියැදුරන් නො සලකා හැරීම නිසා වාහන ආපදාවට පත්වීම ගැන නිරන්තරයෙන් අසන්නට ලැබේ .අළුත් වැඩියාවන් සදහා වැය වන විශාල වියදම් ප්රමාණයක් ද ඉතිරි කර ගැනීම ට මෙය ප්රධාන වේ .උදාහරණයක් වශයෙන් ,සෑම සැතපුම් 620 කටම වරක් ඔබේ කාරයේ තෙල් පරීක්ෂා කළ යුතු අතර , සෑම සැතපුම් 250 කටම වරක් වායු ෆිල්ටරය (air filter ) මාරු කිරීම කළ යුතුය .වාර්ෂිකව කළ යුතු වාහන පරීක්ෂා වට අමතරව , එන්ජිමේ තෙල් සීමාව , ටයරවල හුළං ප්රමාණය , ඉදිරිපස වීදුරු ව ආදිය දිනපතා පරීක්ෂා කළ යුතුය .මෙම පුරුදු චරියා ( routine ) පිළිවෙළ , අදාළ කාලය සහ ධාවනය කර ඇති දුරප්රමාණය මත රදා පවතින බව සිහියේ තබා ගන්න .

3) වාහනයේ පාලක පුවරු වේ ( dash board ) ඇති සංඥා වලින් පෙන්නුම් කරන දේ නොසලකා නො හරින්න – කාරයේ කිසියම් දෝෂ සහගත තත්ත්වය ක් ඇත්නම් ඒවා පාලක පුවරු වේ ඇති සංඥා වල උපකාරයෙන් ඔබට අනතුරු අගවයි .උදාහරණයක් වශයෙන් ,එන්ජිමේ අධික රත්වීම ක් එහි විද්යුත් පරිපථ යේ දෝෂ යක් නිසා හෝ තිරිංග පද්ධතියේ තෙල් ලෙවලයේ අඩු වීමක් නිසා හෝ විය හැකිය .ඒ අනුව වාහන අළුත් වැඩියා ස්ථානයක ට ගොස් එම දෝෂ ය කල්තියා පිළිසකර කරවා ගැනීමට හැකි වනවා පමණක් නොව , විශාල වියදමක් වළක්වා ගැනීමට ත් , විය හැකි හදිසි අනතුරක් මගහරවා ගැනීමට ත් ඉඩ සලස්වයි .

4) හිටිහැටියේ තිරිංග තද කිරීම සහ සැණෙකින් වේගය වැඩි කිරීම නො කරන්න – මේ ක්රම දෙකම කාරයට ඉතා හානි දායක ය.කාරයේ පද්ධතියේ ක්රියාවන් සිදු වන්නේ එක් එක් රටාවකට ය . උදාහරණයක් වශයෙන් , ගියර පෙට්ටිය සහ එන්ජිම වැඩි බරක් උසුලයි .තිරිංග පෑඩයන් සහ තැටි ඉතා ඉක්මණින් විනාශය ට පත්වෙයි .තිරිංග යේ ක්රියා කාරිත්වය අඩු වී යා හැකි අතර , හදිසි අනතුරකට ඔබව පත්කිරීමේ ඉඩ කඩ බොහෝ සෙයින් තිබේ .

5) ටයරවල පීඩනය ( ,හුළං ) අඩු / වැඩි අන්ත දෙකේම රදවා ගැනීමෙන් වළකින්න . – නිතරම ටයරවල වායු පීඩනය අඩු වැඩි වීම තුළින් ඉන්ධන වැඩියෙන් භාවිතා වෙන අතර රිය ධාවනයට ද එය අයහපත් අයුරින් බලපායී .සමහර විට වාහනය ලිස්සා ගොස් හදිසි අනතුරක් ඇති වීමට ද හේතු විය හැකිය .මේ තත්ත්වය න් වළක්වා ගැනීම සදහා කාලීනව ඔබේ වාහනයේ ටයර් මාරු කළ යුතුය .එසේම ඉදිරිපස සහ පසුපස ටයර් වසරකට වරක් වත් මාරු කළ යුතුය .







