Press "Enter" to skip to content

ඉදිරි පැය 24 තුල සුළි කුණාටුවක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළදී පීඩන අවපාතයක් බවට පත්වීම නිසා එම සුළි කුණාටුව හෙට (24 වැනිදා) මෙරටට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම සුළු කුණාටුව ඊසාන දිග වෙරළට ළඟාවීමට නියමිතය.

අවපාතය නිසා නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වලට අද (23 වැනිදා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා තද වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව යන පළාත්වලටත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවෙයි.

නැගෙනහිර උතුරු සහ උතුර මැද පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 පමණ දක්වා වන ඉතා තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

More from GossipMore posts in Gossip »