Press "Enter" to skip to content

මහ මග මිය ගිය ගොස් සිටි අයෙකුට කොරෝනා

මහ මග වැටී මියගොස් සිටි අයෙකු සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔහුට කොරෝනාවෛරසය අසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව, අදාළ මරණ පරීක්ෂණයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි මහව මූලස්ථාන පොලිසිය පවසයි.

ඉකුත් 15 වන දා සවස් යාමයේ මහව හා රන්දෙණිගම දුම්රිය ස්ථාන අතර මඩපොකුණ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය ගොස් සිටින බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා 16 දා මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව එම මෘත දේහය කුරුණෑගල ශික්ෂණ රෝහල යැවීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

ඉන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් එම තැනැත්තාට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඒ හේතුවෙන් එම මරණයේ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගි වූ මහව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිසියේ 10 දෙනෙක් හා නිකවැරටිය කොට්ඨාස ඒකකයේ SOCO අංශයේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සෞඛ්‍ය අංශවල මැදිහත්වීම යටතේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහව, රිදීබැඳිඇල්ල, ගජනෙග්ගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි විවාහකයෙකු වන අතර රැකියාවක් සොයා නිවසින් පිටව යන අතරවාරයේදී මෙලෙස මරණයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
(mawbima.lk)

More from GossipMore posts in Gossip »