Press "Enter" to skip to content

පාසැල් යලි විවෘත කිරීම ගැන විශේෂ නිවේදනය

බස්නාහිර පළාතේ සහ මේවන විට හුදෙකලා කොට නොමැති ප්‍රදේශවල පාසැල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ පාසැල් මෙම මස 23 වෙනිදා යලි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් පවසනවා.

” නොවැම්බර් මස 23 වෙනිදා බස්නාහිර පලාතේ පිහිටි පාසැල් තෙවන පාසැල් වාරය සඳහා පාසැල් විවෘත කිරීම සිදුකරන්නේ නැහැ. ඒ වගේම පිට පලාත්වල සිසුන්ට බස්නාහිර පළාතේ පාසැල්වලට ඒමට අවසර හිමිවන්නේ නැහැ.

බස්නාහිර පලාතෙන් පිට සෙසු දිස්ත්‍රික්කවල මේ වන විට හුදෙකලා කොට ඇති ප්‍රදේශයක් වේ නම් ඒ ප්‍රදේශවල පාසැල් 23 වෙනිදා විවෘත කෙරෙන්නේ නැහැ.

ඒ අනුව අනෙක් ප්‍රදේශවල පිහිටි සියලුම පාසැල් වල 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ පාසැල් මේ මස 23 වෙනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

More from GossipMore posts in Gossip »