Press "Enter" to skip to content

අකුරණින් ආසාදිතයන් 12 හමුවෙයි – මුළු ආසාදිතයින් සංඛ්‍යාව 25 දක්වා ඉහළට

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය තුලින් අද 19 වනදා කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 12 දෙනෙකු අලුතින් හඳුනා ගැනිමත් සමඟ අකුරණ කොට්ඨාසයෙන් මේ දක්වා හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇත බව සෞඛ්‍ය අංශ කියයි.

කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක සේවයේ නියුක්තව සිටි පුද්ගලයින් 12 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් පසුව ඔවුන්ගේ ඥාතීන් සවයං නිරෝධායනයට ලක් කරනු ලැබ තිබූ අතර ඔවුන්ගෙන් සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 12 දෙනෙකු ආසාදිතයින් බවට අද 19 වනදා හඳුනා ගෙන ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.

මෙලෙස අලුතින් හඳුනා ගෙන ඇති ආසාදිතයින් අතර කාන්තාවන් සහ කුඩා දරුවන්ද ඇතුලත් වන බව සෞඛ්‍ය අංශ කියයි.

More from GossipMore posts in Gossip »