Press "Enter" to skip to content

දීපවාලියට ගෙදර ගිය තරුණයට කොවිඩ්

දීපාවලි උත්සවයට නිවසට පැමිණි අවුරුදු 19 වයසැති තරුණයකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ. ගනේෂන් පැවසීය.

මෙසේ කොවිඩ් -19 ආසාදනය වී ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්තේ මැද කොට​ෙස් පදිංචිකරුවකුටය.

ආසාදිතයා වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වෙළෙඳසලක රැකියාවේ නිරතව සිට දීපාවලි උත්සවයට තම නිවසට පැමිණීම සඳහා ඉකුත් 10 වැනිදා ලංගම බස් රථයකින් හැටන් බස් නැවතුම්පොළ වෙත පැමිණ හැටන් සිට පෞද්ගලික බස් රථයකින් බගවන්තලාව දක්වා ගොස් ඇත.

More from GossipMore posts in Gossip »