Press "Enter" to skip to content

රත්නපුර 140කට කොවිඩ්

දිවුලපිටිය හා පෑලියගොඩ කො​රෝනා පොකුරු හඳුනා ගැනීමෙන් පසු මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයන් එකසිය හතළිස් දෙනෙකු (140) රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්, පවුල් 1369ක පුද්ගලයන් 4578 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සඳහන් කළාය.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙසේය. ඇහැලියගොඩ 26, රත්නපුර 16, කුරුවිට 29, අයගම 25, කිරිඇල්ල 27, කහවත්ත 02, ඇලපාත 05, ගොඩකවෙල 01, පැල්මඩුල්ල 01, නිවිතිගල 01, ඕපනායක කොට්ඨාසයෙන් දෙදෙනෙකු ද ඉඹුල්පේ කොට්ඨාසවලින් එක් අයෙකු බැගින්ද ඇඹිලිපිටිය 04 දෙනෙකුද මේ වන විට ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

More from GossipMore posts in Gossip »