Press "Enter" to skip to content

ළමා රෝහලේ වෛද්‍යවරු 5කට කොවිඩ්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු 05දෙනෙකු සහ තවත් කාර්යමණ්ඩලයේ 16දෙනෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.

මේ වනවිට රෝහල ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් 60ක් දක්වා ඉහල ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කරනවා.

එසේම ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ වාර්තා වූ රෝගීන් කිසිවෙක් රෝහල තුළින් ආසාදනය වු බවට වාර්තා නොවන බව සහ සෑම පුද්ගලයෙක්ම පාහේ බාහිර සමාජය තුළින් ආසාදිත බවට හඳුනා ගෙන ඇති බවයි. එසේම ඒ ආශ්‍රයෙන් නිරෝධායනය වූ පිරිස 80ක පමණ ප්‍රමාණයක් බවත් පැවසෙනවා.

More from GossipMore posts in Gossip »