Press "Enter" to skip to content

සියයට 95ක් සාර්ථක කොවිඩ් එන්නතක්

මූලික දත්ත අනුව තමන් විසින් අත්හදාබැලු කොවිඩ් එන්නත 95% පමණ සාර්ථක බව අමෙරිකාවේ මොඩ(ර්)නා නම් සමාගම පවසයි.

එළඹෙන සති කිහිපය තුළදී එම එන්නත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව එම සමාගම පැවසීය.

මීට දින කිහිපයකට පෙර ජර්මනියේ බයෝ එන් ටෙක් සහ අමෙරිකාවේ ෆයිසර් සමාගම් එක්ව නිපද වූ තවත් එන්නතක් 90%ක් පමණ සාර්ථක බවට වාර්තා විය.

නමුත් එම එන්නතට මෙතෙක් අවශ්‍ය අනුමැතිය ලැබී නොමැත.