Press "Enter" to skip to content

කඩ හිමියෙක්ට කොවිඩ් – කළුතර ගමකට සංචරණ සීමා

කොවිඩ් -19 ආසාදිතයෙක් හඳුනාගැනීම හේතුවෙන් කළුතර බෝතුවාවත්ත ගම්මානයට සංචරණය සීමා පනවා තිබේ.

ඒ, එහි වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවී ඇතිබව තහවුරුවීම හේතුවෙනි.

ඔහු වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමට පසුගියදා ශ්‍රී ජයවර්ධපුර රෝහලට ගොස් ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම රෝගියා බැලීමට රෝහලට පැමිණි පුද්ගලයන් හා ඔහුගේ වෙළෙඳසලට පැමිණි පිරිස් ද ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළහ.

More from GossipMore posts in Gossip »