Press "Enter" to skip to content

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානයකින් කොවඩ් ආසාදියන් 17ක්

කුරුණෑගල නගරයේ මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකට සම්බන්ධව පමණක් මේ වනවිට කොවඩ් ආසාදිතයන් 19ක් හඳුනාගෙන ඇති බව වාර්තාවේ.

ප්ලාස්ටික් තොග භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ මෙම ව්‍යාපාරික ස්ථානයේ සේවකයින් 17 දෙනෙකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මොවුන්ගෙන් 14 දෙනෙකු අකුරණ පදිංචිකරුවන් වන අතර අනෙක් අය කටුගස්තොට කුඩුගල, කුරුණෑගල තෝරයාය ගාල්ලේවත්ත සහ නිකවැරටිය පල්ලියවත්ත පදිංචිකරුවන් වෙති.

මෙම ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු ආසාදිත එක් සේවකයෙකුගේ බිරිඳ සහ දියණිය බවට හඳුනාගෙන ඇත.

More from GossipMore posts in Gossip »