ශ්රී ලංකා වරාය අධිකාරිය තුළ කොරෝනාවෛරසය පැතිරීම හේතුවෙන් වන හානිය අවම කිරීමට සහ අවදානම කළමනාකරණයට නිසි පියවර ගෙන ඇති බව ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, මෙලෙස වරායේ සේවයේ නියුතු පුද්ගලයන්ට කොවිඩ්-19 වැළඳීම වරායේ මෙහෙයුම් ක්රියාවලියට යම්තාක් දුරකට බලපා ඇති බවත් එම ගැටලු කඩිනමින් විසඳාගෙන මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බවත්ය.
කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සේවයේ නියුතු වූවන් අතරින් 30% ක් පමණ ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කොට ඇත.
එම නිසා වරාය පරිශ්රයේ බහාලු මෙහෙයුම් කටයුතු සඳහා පුහුණු ශ්රමිකයින් ප්රමාණවත් නොවීම හේතුවෙන් මානව සම්පත් සැපයුම් සමාගම් හරහා අතිරේක කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බව ද සභාපතිවරයා පවසයි.
මේ අනුව වරායේ මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර ඉදිරි සතිය තුළ සුපුරුදු කාර්යක්ෂමතාවයෙන් වරායේ මෙහෙයුම් කටයුතු ක්රියාත්මක වන බවට සහතික විය හැකි යැයි ද දයා රත්නායක මහතා ප්රකාශ කරයි.
එම නිවේදනය පහතින් දක්වා ඇත.








