කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මරණයට පත්වන ආසාදිතයින්ගේ සිරුරු බැහැර කිරීමට ඇති එකම ක්‍රමය ආදාහනය කිරීම පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හානා සිංගර් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.
අදාළ ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මරණයට පත්වන ආසාදිතයින්ගේ මළ සිරුරු බැහැර කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ කතාබහක් මතුව ඇති බවය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ පනවා ඇති නිර්දේශයන්ට අනුව ආදාහන කටයුතු සිදුකිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද ඇය අදාළ ලිපිය මගින් පෙන්වාදෙයි.
කොවිඩ් නයින්ටීන් මරණවල අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් වන ආරක්ෂිත පිළිවෙත් පසුගිය මාර්තු මස 24 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති බව ද ඇය මෙහිදී සඳහන් කර තිබේ.
එමෙන්ම මළ සිරුරු භූමදානය කිරීම තුළින් අයහපත් ප්‍රතිඵල රැසක් ඇති විය හැකි බව ද ඇය අදාළ ලිපිය මගින් සඳහන් කර ඇත.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වා ඇති හනා සිංගර් මහත්මිය පවසා ඇත්තේ, මෙම වසංගත තත්ත්වය හමුවේ මහජන සෞඛ්‍ය වෙනුවෙන් රජයක් ලෙස බොහෝ දුෂ්කර ක්‍රියාමාර්ග ගැනිමට සිදුව ඇති බවය.






