Press "Enter" to skip to content

ලංකාවේ 20%කට කොවිඩ් එන්නතක්

මෙරට ජනගහනයෙන් සියයට 20කට කොවිඩ් සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්ගේ සමග සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09 වැනිදා) පැවැත්විණි.

එන්නත ලැබීමෙන් පසු එය ලබා දෙන පිරිස තීන්දු කිරීම, භෞතික සම්පත් කළමනාකරණය ලියාපදිංචිය, අරමුදල් සොයා ගැනීම හා එන්නත් බෙදා හැරීම යන කරුණු සඳහා විසඳුම් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහට උපදෙස් ලබා දී තිබේ.

එම එන්නත කොවිඩ් වැලඳීමේ අවදානමක් ඇති පිරිසට, වයෝවෘද්ධ පිරිසට, සෞඛ්‍ය සේවකයන්ට, ආරක්ෂක අංශ සාමාජිකයන්ට පළමුව ලබා දීමට සුදුසු බව මෙහිදී සාකච්ඡා කර තිබේ. එම එන්නත බෙදා හැරීමේදී සෘණ 20 අවම උෂ්ණත්වය සහිත අධික ශීතකරණ අවශ්‍ය බවද අනාවරණය විය. එන්නත් ලබාදීම සඳහා පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙළක් සෑදීමටද මෙම කමිටුවට පැවරෙයි.

More from GossipMore posts in Gossip »