මාස 09ට මරණ 13යි, දවස් 14 කට ආසන්න කාලයේදී මරණ 16ක් වාර්තා වී තිබෙනවා.
09 වෙනිදා මේ ඇඳිරි නීතිය ඉවත් කරනවානම් අපි තීරණය කළ යුතු කාරණා තමයි :
- මේ වන විට රෝග ව්‍යාප්තිය පාලනය කරලද තියෙන්නේ කියන එක
- ආසදිතයින්ගේ සියලු ආශ්‍රිතයින් සොයා ගෙන අවසන් ද යන්න
- මේ හරහා සමාජයට අවධානමක් නැද්ද යන්න සොයා බැලීම අත්‍යාවශ්‍යයි.
- සොයා ගත් ආශ්‍රිතයින් කවුද ඔවුන් සියලු දෙනාටම PCR පිරික්ෂණ සිදුකොට ඔවුන්ගෙන් ආසාදිතයින් කවුද, ඉදිරියේදී ආසාදිතයින් විය හැකි අය කවුද, ආසාදිතයින් නොවන අය කව්ද කියලා සොයා බැලිය යුතුයි.
රටේ ආර්ථිකයත් එක්ක මේ සේරම තීරණය කරන්න උවමනා වුනාට සෞඛ්‍ය මුලික හරයන් අමතක කරන්න බැරි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.






