Press "Enter" to skip to content

සිය දියණියන් තිදෙනාට වස පොවා මවද වස බොයි

සිය දියණියන් තුන්දෙනාට වස පොවා තමන් ද වස පානය කළ මවක් පිළිබඳ පුවතක් ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පවුල උප්පුවේලි – ආනන්දපුරි පදිංචිකරුවන් වන අතර, වස පානය කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ප්‍රදේශවාසීන් විසින්.

පසුව වයස අවුරුදු 16 ක් වන වැඩිමල් දියණිය මියගොස් ඇති බවයි උප්පුවේලි පොලීසිය සඳහන් කළේ.

පවුල් ආරවුලක් දුරදිග යාම සිද්ධියට හේතුව ලෙස සැලකෙනවා.

මව විසින් වස පෙවූ අනෙක් දැරියන් දෙදෙනා 12 හැවිරිදි සහ 10 හැවිරිදි වන අතර, වයස අවුරුදු 2 ක් වන පුතෙකු ද ඇයට සිටියත් එම දරුවාට වස පොවා නැහැ.

මේ වනවිට මව සහ අනෙක් දැරියන් දෙදෙනා ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

More from GossipMore posts in Gossip »