Press "Enter" to skip to content

කැස්බෑවේ මාළු වෙළෙන්දෝ 20කට කොරෝනා

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයන් 20 දෙනකුගේ හඳුනා ගෙන ඇත.

ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් 200කට ආසන්න පිරිසකගේ පි.සි.ආර් පරීක්ෂණ අද (4) කැස්බෑව බස් නැවතුම්පොළේ දී සිදුකෙරිණි.

මීට අමතරව පිලියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයන් කිහිපදෙනකු සමඟ සමීපව කටයුතු කළ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලයේ විසිදෙනකු ,පිලියන්දල පොලීසියේ නිලධාරීන් දසදෙනකු ,හා සිල් මෑණිවරුන් දෙදෙනකුගේ පි.සි.ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කැස්බෑව සෞඛ්‍යය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 26 දෙනකු පසුගිය ඔක්තෝම්බර් විසිපස් වැනි දා සිට අද (4) දින දක්වා වාර්තා වී ඇත.

More from GossipMore posts in Gossip »