මාවනැල්ලෙන් පෙරේදා (1දා) වාර්තා වූ ආසාදිතයන් 18 දෙනාත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතයන්ගේ ගණන 97 දක්වා වැඩිවී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කුමාර් වික්‍රමසිංහ පවසයි.
මේ වන විට දිස්ත්‍රික්කය පුරා පුද්ගලයන් 3501 ක් නිරෝධායනයට ලක් කර ඇති බවද වෛද්‍යවරයා පැවැසීය.
එමෙන්ම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ කොවිඩ් රෝගීන් 77 දෙනකු හා උදුගොඩ රෝහලේ ආසාදිතයන් 97 දෙනකු ප්‍රතිකාර ලබන බවද දිස්ත්‍රික් අධ්යක්ෂවරයා සඳහන් කළේය.






