Press "Enter" to skip to content

වරාය නගර ව්‍යාපෘතියේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත.

ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ.

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.

පළමු අදියර යටතේ වරාය නගරය තුළ ජාත්‍යන්තර මට්ටමේ ඒ ශ්‍රේණියේ කාර්යල කුලුනු තුනක්, සුඛෝපභෝගී නිවාස සහිත කුලුනු දෙකක් සහ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකෙරෙනු ඇත.

දෙවැනි අදියර යටතේ ජාත්‍යන්තර මට්ටමේ කාර්යාල කුලුනු දෙකක් හා වෙළෙඳ සංකීර්ණයක් ද ඉදිකෙරේ.

More from GossipMore posts in Gossip »