Press "Enter" to skip to content

ආසාදන නැතිව දින 200ක් පසු වූ තායිවානය උගන්වන පාඩම

තායිවානයේ රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථානයට අනුව, දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදන කිසිවක් වාර්තා නොකර පසුගිය ඔක්තෝබර් 29දා වනවිට දින 200ක සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට ඔවුන් සමත්ව තිබේ.

අවසන් වරට පසුගිය අප්‍රේල් 12 වැනි දින තායිවානයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිත සිද්ධියක් වාර්තා විය.

සමස්තයක් ලෙස එරටින් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 554ක් මේ වනවිට වාර්තා වී තිබුණත්, එයින්ද දේශීයව වෛරසය සම්ප්‍රේෂණය වූ සිද්ධීන් ලෙස සටහන් වන්නේ ආසාදිතයන් 55ක් පමණක් වීම අතිශය සුවිශේෂී ජයග්‍රහණයකි. එරට සිදුව ඇත්තේ වෛරසය ආශ්‍රිත මරණ 7ක් පමණි.

නමුත් මෙහි වඩාත් වැදගත්ම හා ලෝකයට තායිවනයෙන් උගත හැකි සුවිශේෂී පාඩම වන්නේ, මෙවැනි ජයග්‍රාහී මාවතක සිටියදී පවා එරට මධ්‍යම වසංගත අණදෙන මධ්‍යස්ථානය ක්‍රියාකර තිබූ ආකාරයයි.

ඒ අනුව කිසිදු දේශීය ආසාදන සිද්ධියක් නොමැතිව දින 200ක කාලයක් ගත වූවද, නිතර අත් සේදීම, මුඛ ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි මහජන සෞඛ්‍ය පුරුදු අත්නොහැර ඒවා දිගටම අනුගමනය කරන ලෙස තායිවානයේ මධ්‍යම වසංගත අණදෙන මධ්‍යස්ථානය එරට ජනතාවට අවධාරණය කර තිබුණි. ඔවුන් අදද එය ඒ ආකාරයෙන්ම අවධාරණය කරයි.

More from GossipMore posts in Gossip »