Press "Enter" to skip to content

බෙලිඅත්තේ කොස්තාපල්වරයකුට කොරෝනා

බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනය වී ඇතැයි බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මෙම පොලිස් නිලධාරියා කොළඹ ප්‍රදේශයේ රාජකාරීවල නිරත අයකු බවද එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණවල වාර්තා අනුව ඔහු කොරෝනා ආසාධිතයකු බවට ඊයේ(29) හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මෙම පුද්ගලයා බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසට පැමිණ ඇති අතර මේ හේතුවෙන් ඔහු ආශ්‍රය කළ නිවාස පහක පුද්ගලයන් 26 දෙනකු නිරෝධායනය කිරීමට බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්හ.

ඔහු ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යැවීමටද නිලධාරිහු පියවර ගත්හ. ඔහුගේ ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය නිලධාරිහු තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරති.

More from GossipMore posts in Gossip »