Press "Enter" to skip to content

කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවිකාවකට කොරෝනා

කොග්ගල නිදහස් වෙළද කලාපයේ බ්‍රැන්ඩේක්ස් ඇගලුම් කම්හලේ සේවය කරන ඇගලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමග එම ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 125 දෙනෙකුගේ පි. සි ආර්. පරික්ෂණ ඊයේ (29) රාත්‍රියේම සිදුකළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

පි. සි.ආර් පරික්ෂණ සිදුකිරිම ඊයේ රාත්‍රියේ සිට අද (30) අලුයම 1.00 දක්වා සිදුකළ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝගවිද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

පි. සි ආර් පරික්ෂණ සිදුකළ අය අතර මෙකි ඇගලුම් සේවිකාව රත්ගම සිට ඇගලුම්කම්හල දක්වා ගමන්කළ බස් රථයේ රියදුරු ඇතුළු ඇගලුම් සේවිකාවන් 35 දෙනෙකු ද සිටින බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සදහන් කළේය.

මෙකි සේවිකාව සේවය කළ ඇගලුම් අංශයේ ආශ්‍රිතයින් 27 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල් පි සි.ආර් පරික්ෂණ සදහා ඊයේ (29) රාත්‍රියේම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකළ බව පවසන ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා ඉතිරි ආශ්‍රිතයින් 98 දෙනාගේ සාම්පල් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව රසායනාගාරය වෙත යොමුකළ බවද හෙතෙම පවසයි.

More from GossipMore posts in Gossip »